Saturday, 22 July 2017


උපක

-------

අහඹුවෙන් මහමග දැක

රුවට පැහැදී නැවතුන උපක

කොයි ටියුශන් ක්ලාස් එකට යන්නේදැයි ඇසුවද

මට ටියුශන් දෙන්නට ජගතෙක් මේ විශ්වයේ නැත

ඇසුනු හෙයින් සාඩම්බර වදනක් ලෙස

හැක හැක වියහැක කියා සීරුවෙන් යන්නට ගියේ

නුහුරු නුපුරුදු මාස්ටර්ගේ

පලමු සිසු යැයි ඉතිහාසිගත නොවීගෙන

 

පන්සාලිස් වසක්

දහස් ගනන් සිසු සිසුවියන්ට

සාපෙල, උපෙල, උපාදිය, පශ්චාත් උපාදිය තෙක් මග පාදා

එකල් වනවිට ප්රකටවී සිටි මාස්ටර්

අවසන් හුස්ම හෙලනු කලියෙන් දුන්

ක්ශනික පාඩමකින් එගොඩ ගියෙ

භද්ර යැයි ඉතිහායේ ලියැවුනි

 

මං භගවත්වූ අරහත් සමන්තභද්ර යයි කියූ දා සිට

පෙළ පොත් පෙරලමින් දැන් දේශන තියන

අපි දෙන ටියුශන් විතරම්යි හරිකියා

භද්ර හෙලා දකිමින් දෙසන්නේ
අපි ඔක්කොම නූතන උපකලා හංදමද?

No comments:

Post a Comment