Monday, 10 August 2015

නොපෑහීම





ඇහැට දකිනකොට
නයාට අඳුකොල වගෙයි
ඇහැට නොපෙනි ඉන්නකොට...
යකාට දුම්මල ගැහුව වගෙයි
ආවොත්
ආ බව නොතකී
ගියොත්
ඊටත් අවලාදයි
යමක් ඇසුවොත්
ඒකත් වැරදයි
නිහඬවුනොත්
නොදකින් මහ මූසලයි
ජීවත්වුනොත්
හැමදා මේ අගාදයයි

No comments:

Post a Comment