ශරාඩය
--------
කියූවද
එකම පිටපත
අපි
දෙදන වෙන පිටුවක
රැඟූවද
එකම ජවනිකාවක
අපි
දෙදන නිර්මිත වෙන චරිත දෙකක
නුඹ
සුවච කීකරු දෝනියගෙ චරිතය
රැඟුවට
මවාගත් එක්ටැම් ගෙයක
නුඹෙ
ගැලවුමට ආ වියපත් වීරයෙකුගෙ චරිතයක
වල්මත්
උනෙමි උන් කුල්මත් කර
සුවච
කීකරු දියනි ලෙස නුඹ
පා
තබන දා දෙවනි ගමනක
හැරයමි
මේ රංගනය
අවසන්
තිරය වැසෙන්නට කලියෙන
No comments:
Post a Comment