කැලණිපුර
මදන් ලාල්
--------------------------
මල්
වඩම් මිනි පෙට්ටි
දරදඬු
සීතල මල කඳන්
මලගෙයට
සරිලන්න ආරූඩ කර ගත් මූන
අපෙ
මදන් ලාල් චරිතයට හරි පදම්
බිරිය
සහ අනියම් බිරිය
දුන්
බඩු ලයිස්තු කලවම් කරං
වැරදි
බඩු මලු උන්ට දී
බිරියගෙන්
ඌට කුනු බැනුම්
පෙට්ටියකට
අඩු පාඩු ඇන ගේන්න
හාඩ්වෙයාර්
එකට ගිය ගමන්
කොට
සායක් පසු පස ගියේ
බාස්
ඇනයුම් කල ඇනද අමතක කරන්
වරෙන්
සැප ගන්න ස්පා යන්න
කියා
හේමෙ කොලුවත් ඇද ගෙන ගිහින්
මසා
කෙල්ලට සල්ලිත් ගෙවා
ඒකිගෙම
ඇඟ මිරිකුවේ
අපෙ
කැලණිපුර මදන් ලාල්
No comments:
Post a Comment