අසරන
සරණ
-----------------
හිමිදිරි
තණ අග පිණිබිඳුව
අවිනිශ්චිත අඩමනින් රැඳී
යාබද එවන්ම පිනිබිඳුවකට
රූටා
ගිහින් හාවී
අවිනිශ්චිත අඩමන තව දෙගුනයක් වී
හමන මද පවනද
වියරු සුලි සුලඟක් සේ හැඟී
ආයාසයෙන් තණට ආවරණවී
එකට හාවුනු මුසුවුනු
මොහොතකට පැවතුනු
අවිනිශ්චිත එකතුව
දවයි හිරු තාපය
අනාදර දීගයක් ලෙස
No comments:
Post a Comment