සයුර
මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව
මොටද වතුරේ පැද යන්න බැරි
දෑස
මොටද සිතුසේ දැක ගන්න බැරි
කුසුම
මොටද ලංවී රොන් ගන්ට බැරි
ගහකොළ
වලට දාහක් ඇස් ඇති හිංදා
සුලඟට
සියුම් දාහක් කන් ඇති හිංදා
කවදාවත්ම
නුඹ මට නොලැබෙන හිංදා
මුණිවත
හොඳයි දෙබසින් දුක වැඩි හිංදා
- මහාචාර්ය සුනිල් ආරියරත්න
No comments:
Post a Comment