Saturday, 22 July 2017


අතරමංවුනි. කතරගම

 

කටු මැටි ගෙදර කුස ගින්නෙන් දැවෙන කල

 කර්කශ පොලොව මෙන් හද ඉරි තලා ගිය

 රැකියාවක නිමිත්තක්වත් නෑ කටුගාලෙන් එපිට

 කන්දෙ දෙවි බැල්මවත් නැතිදෝ ඇගෙ අඩවියට

 

සාගින්නෙන් පෙලෙන එකෙකුට බන නොකීවට

 මරනය හොඳයි දනින් වැටී ජීවත් වෙනවාට

 පන්ති පහෙන් රණකාමය නැගුනාම

 සන්තක අබරනත් පිදුවේ පෙරමුනට

 

සතියක් දෙකක් ගමරට රජ කෙරුවාට

 මොලටොව් ගල්කටස් පැරදුනි වෙඩි උන්ඩයට

 ඇදගෙන ගියත් මහමග ඇය නිරුවතින

  දිවි පිදුවෙ තම දෙපයින් නැගිටගෙන
"මංගල සංකල්පනා"

No comments:

Post a Comment