බුද්ධිමත් සුචරිත
නව
සමාජයක් ගොඩ නැගීමට
නුඹ
මැවූ විප්ලව සිහිනය
අපි
දෝතින් බදා ගතිමු
එය
අපිත්
අපේම
සිහිනයක් කර ගතිමු
ප්ලේන්ටිය
පොල් රොටිය
බෙදාගෙන
කෑවෙමු
චමරියෙ
ඇඳන්වල
මාරුවෙන්
මාරුවට නිදාගෙන
අහේනිය
නිසා
පෙම්වතියටත්
බාල්දුවී
දෙමාපිය
සිහින නොතකා
පූර්නකාලීනව
අපි උඹට
වැඩකලේ
සුචරිත
නුඹ කියා දුන්
ඒ
සිහිනය
අද
හෙටම
සැබෑ
කරගන්නට
සෝවියට්
දේශය,කොරියාව, කියුබාව
චීනය
වියෙට්නාමය
අනුගමනය
කල න්‍යාය
ලියූ
පොත්වල
පිටු
ඉරෙනතෙක්
උපාදියකට
මෙන් හැදෑරෙමු
කටේ
කෙල හිඳෙනතෙක්
අපි
වාද කෙරුවෙමු
මැයි
දින සටන් පාට
නුඹ
එක ලඞ ඉඳන්
මහත්
උද්යෝගයෙන් අපි මුරගෑවෙමු
කොස්සන්
කුපිත කර
කඳුලු
ගෑස්වලින්
ඇස්
රතු කර ගතිමු
අමෙරිකාවට
විරුද්දව
උද්ගෝශනද
කෙරුවෙමු
අපි
ඉරිච්ච කමිසයයි
පැච්දාපු
කලිසමයි
දිග
රැවුලයි ඇඳන්
පීඩිත
ජනතාව වෙනුවෙන්
විප්ලවය
කරන්කොට
ගමේ
උන්
ඩබායි
ගොස් ඇවිත්
ගේ
දොර හදාගෙන
අපෙම
පෙම්වතියන්
කරකාර
ගන්නකොට
විරහ
ගී ගයා
හිත්
හදා ගත්තෙමු
ඒත්
කොම්රේඩ්
නුඹ
ලොකු පවුලකින්
හිරයක්
ගත් දිනේ
අපි සව්දිය
පිරෙව්වෙමු
අසාර්තක
විප්ලවෙන් පසු
අපි
ඇස් අරිනකොට
අංශබාගෙන්
තාත්තා මියගිහින්
අපි
ගැනම හූල්ලල
අම්මත්
පරලොව ගිහින්
දෑවැද්දක්
නැතිව
නංගිත්
නාකිවෙලා ගෙදෙරටම
දැනමුතුකම්
නැතිව
පොඩි
මල්ලි අයාලේ ගිහින්
කොම්රේඩ්
සුචරිත නුඹත්
හොර
රහසෙ රට ගිහින්
No comments:
Post a Comment