Saturday, 22 July 2017


අන්තරය

------------

සිහිනයකි

අවදි නොවුනු

අමාවක රැයක

 

අන්දයෙකි මා

නොගැලපෙන නොතේරෙන

අසම්භාවී අන්තරයට

 

විනිසුරුවන් වුනේ උන්

බොහීමියානුවෙකු නොහඳුනන

චිරාගත කුහක සමාජයක

 
"මංගල සංකල්පනා"

නිශ්පල

--------

මව් බිම නැතිනම් මරනය

පැතුවේ මුර ගා උන් සැම

දිවි පිදුවා උන් අනුවණ

බියගුලු නායකයන් වෙනුවෙන

 

ජාතියෙ නිදහස අටියෙන

චිරන්තන නිජබිමක් වෙනුවෙන

උතුරු කුණාටුවෙ සෙබලුන් වැලලුනෙ

විසර ගිය එවුන්ගෙ වෛරෙට උසියට

 

උතුරෙ රජ රටේ දකුනේ

අලුවුනු එඩිතර රන විරුවන්

එදා නැසුනෙ අපි රට වෙනුවෙන්

වාසි ගනී පොරකන පාලකයන්

 

'මංගල සංකල්පනා'

ගල් අඟුරු

යට ගිනි අඟුරු

පාවෙන හුමාලය

යට බුබුලන ගිනි වතුර

ව්යාජ සෙනෙහෙසක
යට හිතක සැක

ව්යාජ

------

හ්ම්ම්ම් කීවට හිත දුර ඈතක

ඔව් කීවට හිස වැනුනෙ එදිරි ඉරියව්වක

හා කීවට  දිව අසම්මතයක
ආදරෙයි කීවට හද වෙන තැනක

භෙලු වැලි සෙවනැලි

----------------------

උදාවෙන හිරුකිරන

 සිපගනී මා ගත

 තනමින් සෙවනැල්ල

සිනිඳු වැලි වෙරලක

 දැහැන් ගතවුනෙමි සෙවනැල්ලෙම

 

වෙරලෙ දුටු මගෙ සිඟිති පා සලකුනු

 සිහිවේ මවිතයෙන් බලා හිටි හැටි

 පෙමෙන් සෙමෙන් සක්මන් කල පා යුවල්

 සුදුපෙන රැලි මකා ගිය හැටි

 

ඉර මුදුන් වේ

 විඩාවයි ගතට

 ගිලගනී මහලු පා

 නොදැනිම කෙටිවුනු චායාව

 
"මංගල සංකල්පනා"

මිදුනෙමි

-----------

දුවන වරිගෙ අනික් උන් එක්ක

තරඟෙට දුවන්න බැරිවුනු නිසා මට

දෑවුරුද්දක් ගෙයින් ගෙට ගිය මම

දැන් තවත් අලුත් නිවහනක

 

මගේ කෙටි ජීවිතයෙ

පොදි ලිහන්නට අවසරද මට

නොහැකිවූවද වචනගත කරන්නට

නොපෙනේද මගෙ සිතුවිලි තුතිවන්ත ඇස්වල

 
"මංගල සංකල්පනා"

දීගය

------

කුරිරු සරදමක්

 විසිතුරු කූට උපායක්

 යව්වනය දමනයට හබකයක්

 නොනිමෙන කුනාටුවක්

 කෙළවරදි ජීවිත සුන් බුන් ගොඩක්
"මංගල සංකල්පනා"

භව තරන

-----------

ගිනි වැලි කතර

 බිහිසුනු මහා සාගර

 අනන්ත අජටාකාශය

 තරනය කල මිනිසා

 

නිමේශයකින් ඇතිවන

 නිමේශයකින් නැතිවෙන

 එහෙ මෙහෙ දුවන සිත

 දමනය කරන්නට

 අසමත් ඇයිද තව?
 "මංගල සංකල්පනා"

හැවිරිදි පැතුම

---------------

ජීවන ගමනේ ගැඹුර නොදන්නා

හිනැහෙන කිරි දරුවෝ

නුඹලා වැඩිවිය පත්වන දින තෙක්

කෙලිලොල් ප්රීතිය අවුලක්කර ගන්න එපා

 

ශිල්ප හදාරා පොත පත කියවා

ගුරු දෙගුරුන්ගේ  කුහක කල්පනා

අනුකරනය කරනු එපා

 

නුඹේ සමාජයටම ආවේනිකවූ

අලුත් ලොවක් ගොඩනැගුමට

කිසිදා පැකිලෙන්න එපා

 
"මංගල සංකල්පනා"

නොරත රත

---------------

කෙතරම් පෙරුම්පිරුවට

නුඹට ලංවෙන්නට

හැකිවුවද නොහැකි මට

කැන්දන් යන්නට

මගෙ දුප්පත් පැලට

දනිමි මම නුඹට

නොහැකී සමාජෙට පිටුපාන්නට

වෙනුවෙන් නුඹෙ සතුට

හැකී මට අකුලගන්නට

ආදරයදුක දැනුනට

 

යා දෙක නොරත රත

එකට පෑහීමක් නැත

 
"මංගල සංකල්පනා"

පෙනෙන....නොපෙනෙන

------------------------------

පුන්සඳට ආවඩන

 සඳ සාවිය මවන් හූල්ලන

 වත්සුනෙන් ගොඩවුනු...... ආවාට නොදකින

දිලෙන වත පසුපස ...... අඳුරු තලයකදු ඇති බව නොවැටහෙන

 
"මංගල සංකල්පනා"

සෙංකොට්ටං

-------------------

හාමුගෙ දුවගෙ කොටහලු මගුලට

 උඩඟු ලියකගෙ දෙවෙනි ගමනට

 රදල මැතිනිගෙ මල ගමනෙ පාවඩට

 ඇවසිමැයි නුඹෙ චිරන්තන මෙහෙය

 නුඹ මල දිනක පාවඩ දමන්නට

 නොවේවා නුඹෙ දොස්තර දියනියට
"මංගල සංකල්පනා"

ටොම්

--------

සීත මීදුම් සලු පොරවාගෙන

ඇදෙන රුව කවුරුදෝ

 

ගොම්මන් අඳුරේ ලා සඳ එලියේ

පෙනී නොපෙනෙන කවුරුදෝ

 

පහන් එලියෙන් දිලෙන දෙනුවන්

ඉඟි කරන්නේ කාටදෝ

 

දුහුල් සේද සලු රන තිසරු විනිවිද

ඇරයුම් යවන්නේ කාටදෝ

 

රතැඟිලි තුඩින් මිනි මෙවුල ගිලිහී

සිහිනෙන් වෙලෙන්නේ කා එක්කදෝ

 

හේනෙ මැසි දොර කවුලු අතරින්

එවමි සුසුමක. අහිමි උනුසුම පාලුවේ

 
"මංගල සංකල්පනා"

අතරමංවුනි. කතරගම

 

කටු මැටි ගෙදර කුස ගින්නෙන් දැවෙන කල

 කර්කශ පොලොව මෙන් හද ඉරි තලා ගිය

 රැකියාවක නිමිත්තක්වත් නෑ කටුගාලෙන් එපිට

 කන්දෙ දෙවි බැල්මවත් නැතිදෝ ඇගෙ අඩවියට

 

සාගින්නෙන් පෙලෙන එකෙකුට බන නොකීවට

 මරනය හොඳයි දනින් වැටී ජීවත් වෙනවාට

 පන්ති පහෙන් රණකාමය නැගුනාම

 සන්තක අබරනත් පිදුවේ පෙරමුනට

 

සතියක් දෙකක් ගමරට රජ කෙරුවාට

 මොලටොව් ගල්කටස් පැරදුනි වෙඩි උන්ඩයට

 ඇදගෙන ගියත් මහමග ඇය නිරුවතින

  දිවි පිදුවෙ තම දෙපයින් නැගිටගෙන
"මංගල සංකල්පනා"

අසරන සරණ

-----------------

හිමිදිරි තණ අග පිණිබිඳුව

 අවිනිශ්චිත අඩමනින් රැඳී

 යාබද එවන්ම පිනිබිඳුවකට

රූටා ගිහින් හාවී

 අවිනිශ්චිත අඩමන තව දෙගුනයක් වී

 හමන මද පවනද

 වියරු සුලි සුලඟක් සේ හැඟී

 ආයාසයෙන් තණට ආවරණවී

 එකට හාවුනු මුසුවුනු

 මොහොතකට පැවතුනු

 අවිනිශ්චිත එකතුව

 දවයි හිරු තාපය

 අනාදර දීගයක් ලෙස

 
"මංගල සංකල්පනා"