Sunday, 5 April 2015

අඹරාවට සුද්දො ඇවිත්



ඔහේ දුවන අඹරාවේ කොලු රැල

කුතුහලයෙන් ලං උනේ

උජාරුවට ගොඩඋන සුද්දො කට්ටියට

සවන් දුන්නෙ ඩර්යිවරයගෙ කතාවට

කොල්ලනේ විල්පත්තුව කොයිබටද

මේ සුදු හරක් යනවා අලි බලන්නට

 

දන් නෑ මාමේ විල්පත්තුව කොයිබටද

යන්නෙ මොකෑ එතරම් දුර අලි බලන්නට

මේ අඹ රාව කැලයේ අලි විමානෙට

ගොහින් බලන් රංචු පිටින් එන අලි පංකාදුවට

දැන් මද්දහනේ නැහැමයි උන් පෙනෙන්නට

යායුතුමයි ගොම්මන් වෙලාවට

 

ඩර්යිවරයා දිවපි සුද්දන් ලංගට

කුටු කුටු  ගෑවේ කොලු රැල පෙන්නමින

"ඉස් දැට් ට්රූ" කියා ගොරවපි සුද්දෙක් කොල්ලන්ට

කොලු රැල සැරසුනේ උන් දා දුවන්නට

සිලිබිරිස් දැමූවේ ඉංග්රීසි පන්ති මී හරකුන්ට

ඔලුව වන වනා උන් හිටියා අසාගෙන

ගත්තා ගැම්ම කොලුවා එව්ලේම

"ඉයස් ඉයස්" කිව්වා මහ තඩි සුද්දාට

 

"ග්රේට්" කියපි සුද්දා උගෙ අත දෙමින

"කැන් යූ ශෝ වේ"අහපි අර ගෝරනාඩු කටහන්ඩින

"ඉයස් ඉයස්.. කම් කම්" සිලිබිරිසා තැටමුවා දන්න වචන දෙක තුන

චංදරේ කට ඇරන් අහං සිටියා අන්ඩර දෙමල

සිලිබිරිස් උපයා ගති ගරු සරු කොලු රැල අතර

"ගෙට් ඉන් බෝයිස්" සංඥා වුනි කොලු රැලට

සුද්දොයි කොලු රැලයි තෙරපී ජීප් එකට

හඹා ගියති වැව් බන්ඩ් එක දිගේ දූවිලි නගමින

No comments:

Post a Comment