Saturday, 4 April 2015

තන්හා රති රගා







ආදර ඇලීම්
නොගැලපෙන වෙලීම්
මිරිගුවේ චායා...
හදේ සැන්ගැවුනු පැතුම්
කාට කිවහැකිද
අස්තිර හැන්ගීම්
කිටියට පොදි බැඳන්
සිසාරනු ඇයි කියා

සසරින් නොමිදුනු
පුනර්භවයේ
දුකම මෙයයි නොහඳුනන
සියලු සත්වයෝ
නිත්යයෙන් මියයනු බව
මොහොතකටවත්
මෙනෙහි නොකරන
අන්ධ මිනිසුන් අතර
ගෙවුනු මොහොතක්වත්
නැවත නොලැබෙනෙ බව
දැන දැනත් වැලපෙමින්
දුටු සිහින ගොනුකරන්
දුවන හෙවනැලි පසුපසින්
අහිමි ගිලිහුනු ආදර පතන්
දිවා රෑ ලතවෙන
අඥානයෙකිද මං


"මංගල සංකල්පනා"

No comments:

Post a Comment