Tuesday, 7 April 2015

අඹරාවට සුද්දො ඇවිත් 2






ජීප් රතය පිඹගෙනයයි වලවල්වල වැටෙමින්

පිටිපස හිටන් වඳුරන් මෙන් එල්ලුනු කොලු රැල සැලෙමින්

සුද්දෝ මානකොරන් කැමරා ගිනිඅවිම ලෙසින්

ෆොටෝ ගහයි දකින දකින හැමදේ මඩයට මැජික් ලෙසින්

පිල් විදහන් නටන මොනරුන් මද්දහනේ

ගිනි කුකුලන් මුගටියන් වල් ඌරන් රන්චු පිටින්

ලන්දේ සැංග වෙමින් උන් ලහි ලහියේ

මහමූකලන් එකපසෙකින් වැව අනෙක් පසින්

සිත් කුල්මත් කරයි කලබලවුනු සුද්දන් ගේ

 

ස්ටොප් ස්ටොප් ඩර්යිවර් අනදෙයි හැඩි දැඩි සුද්දා

දනිපනියෙ බැහැගති කැමරාවත් උස්සා

වව්ලෙක් වගේ අත්වනමින් ලොක්කා

කතා කලේ ඔරු පදිනා ලියක් පතා

බයවුනු හබල් ගෑවා වෙන දිහාවටා

උගෙ යහලුවන් ගේ ඔච්චම් නොතකා

සුද්දා ගති ඔරු පදිනා ඇගෙ සොබිනා

 

 

මාමේ නවතපන් කී සිලිබිරිස් වටපිට බලා

සර් සර් නවු වී මස්ට්ම ගෝ පයින් කීවා

වට් ගෝ පයින් ඇසුවා ඔලුව කසා

සොරි සොරි වී වෝක් පොඩ්ඩා ලැජ්ජවෙලා

කොල්ලෝ ගති බඩු බාහිර කරපින්නා

සුද්දෝ වැටුනි කොල්ලන් ගේ පසු පසිනා

ඇසුනේ කුංච නාදය වන දෙවනත් කරමිනා

සුද්දෝ අන් දුන් වෙලා හොඳටම බය වීලා

නැග්ගා චංදරේ උස ගහක් බලා

එක වර නැවතුනා ගහ බාගෙට නැගලා

බලා උන්න අනිකුන් අමතක කරලා

යමක් දැකපු තුශ්නිම්බූතවෙලා

 

මතු සම් බන් දයි….

 

No comments:

Post a Comment