Tuesday, 14 April 2015

අඹරාවට සුද්දො ඇවිත් 3













සිලිබිරිස් ගලක් අහුලා


ගැසුවා චන් දරේ එල්ල කර


ගහ උඩ  උගෙ දැහැන 


බිඳිමින් අශික්ශිත ලෙස


 හනි හනික ගස්  නැගි කොල්ලෝ


ඇසි පිය නොහෙලා බලා සිටියෝ


අලි යුවලක්  නුදුරු එලි මහනක`


පෙම් කරන අපූරුව


 


ඇතින්නී වලක දන ගහ ගෙන


අලියා පසුපසින් නැගගෙන


 දෙන්ඩ  පටන් ගති


දෙන්ඩ පටන් ගති


දන බිම ඇන ගෙන


සහජාත සංසර්ගයක යෙදෙමින


 


දුටු එක සුද්දෙක්


වහා ඇදගෙන ගියේ  අනෙකුනුත්


ලන් දට මුවාවී


කිසි කිසියෙන් ෆොටෝ ගැසුවෝ


සුන්දර අලි කෙලිය


මද වේලාවකින්


හුලං හමනා දිසා මාරුවීදෝ


හොරෙන්ලි බලන පීපින් ටොම්ලගෙ ගඳ


දැනුනි රති කෙලින අලියට


 


 මද කිපුනු අලියට


ලැජ්ජ හිතුනද කිපුනද


හැමිනිල්ල නතර කර


දීපි අලි කුංච නද


මහ වනය දෙවනත් කර


හැරුනා සුද්දො පැත්තට


කඩා බිඳගෙන ආපි උන් සොයාගෙන


පස් වෙනි කොට කකුලකුත්


එලියෙම දමාගෙන


 


ගස් උඩ නැග බලන් සිටි කොලුවන්


පැනපි ගස් පාමුලට


දුවගොස් සුද්දන් වෙත


උන් ඇදන් ආවා බඩුත් කර පින්නගෙන


කොලුවන් ගෙ වීරියෙන්


උන් ගෙ පනටත් බයෙන්


බඩ මහත සුද්දොනුත්


බඩ ගාපි ගස් මුදුන්වලටම


 


ලුහු බැඳන් අලියා


පොලොවෙ අඩි හප්පමින්


දූවිලි වලාකුල් නගමින්


ගහෙන් ගහට දුවමින්


අතු කඩා දමමින්


ගස් වලට පහරදුනි


අලි මහ වියරුවෙන්


ගස් බදන් හිටිඋන්


හලන අටියෙන්


 


ඇතින්නිය ආවා


රති නිවුනු ලීලාවෙන්


අති වියරු අලි පහර


හිටි හැටි නැවතුවේ


ඇගේ ආදරේ බලයෙන්


බදන් හොන්ඩ වැලෙන්


නැවත වන වැදුනා


වෙවුලන  සුද්දන්ට


 අභය දානය දෙමින්


 
මතු සම්බන් දයි.

No comments:

Post a Comment