Sunday, 26 April 2015

මන්ගච්චපන් මගෙ කැකුලී





බුලත් විටෙන් තොල් රතු කල මගෙ කැකුලී

අම්මිලතෝ අනුගනමනය කල මගෙ කැකුලී

ලැම නොතකා රෙද්ද ඇන්ද මගෙ කැකුලී

වරිගෙ උන්ට බහ නුදුන්නු මගෙ කැකුලී

 

ගම්පොජ්ජෙන් සිදාදියට මන්ගච්චපු  මගෙ කැකුලී

කාසි පනම් හිංග උනාද මගෙ කැකුලී

නැහැ මෙහෙ බැද්දේ අල​ පලතුරු මගෙ කැකුලී

සිදාදියේ කොටි ඩැහැගති මගෙ කැකුලී

 

කොටි සලෙලුන්ට අවනත වී මගෙ කැකුලී

තොල් රතු කරන් වත්සුනු ගෑ මගෙ කැකුලී

මුදලද නුඹට දැන් වටින්නෙ මගෙ කැකුලී

උඹ වල්මත් උනා නේදෝ අද මගෙ කැකුලී

 

දෙනෝ දහක් මැද හිටියද මගෙ කැකුලී

නෑදෑ යකුන් බැල්ම නැතිද මගෙ කැකුලී

සුපුරුදු සඳ නුඹ බබලයි මගෙ කැකුලී

සඳ එලියෙන් වරිගෙට යනු මගෙ කැකුලී

 

"මංගල සංකල්පනා"