Friday, 5 June 2015

වැල කෑ පබිලා




කොලු කාලෙ


වැහි වැහැලා පොලොස්


වට පිටා තිබුනා


පැනි හලන්න බැරි හින්දා


ඈත ඉඳන් හැඩ බැලුවා


 


අත ලඟ ඇති


සුවඳ හමන


පැනි වරකට කෙල ගිල්ලා


වැල ගෙඩියක්


දෙපා ලඟට


ඇද වැටුනාදෝ හන්දා


ඉවක් බවක් නැතිව කෑවෙ


ඇලෙන කොහොල්ලෑ නොතකා


 


 


බිම වැටෙනා


වැල කන්නට


අනිකුන් ගිජුවන හන්දා


කරේ තියන් ගෙදෙර ගියා


තනියම වැල කමී සිතා


වැල ගෙඩියක් හංගන්නට


ගෙදෙර ඉඩක් නැති හින් දා


වත්ත පහල පැලට ගිහින්


වැලේ තියන්


මං උන්නා


 


වැල පබිලා මුයි කියා


ගමේ එවුන් විහිලු කලා


ලජ්ජාවේ ඉන්න බැරුව


ගම හැරදා යන්න උනා


දශක ගනන් ගතවීලා


සල්ලි කාර් අරන් ඇවිත්


ගමේම මං ටැග් ගැහුනා


වැල මොකටද වරක මොටද


පොලොස් කන්න මට හිතුනා


 


අලුත හදපු තට්ටු දෙකේ


මන් දිරයේඋඩ ඉඳලා


කලින් විහිලුකල උන්වම


ගමේ කඩේටම යැව්වා


හොඳම පොලොස් ගැට ගෙනැවිත්


ගමේ උන්ම පූජ කලා


අනේ අනිච්චං මෙහෙමත්


සදාචාරෙ හැටි හිතුනා


 
"මංගල සංකල්පනා"

3 comments:

  1. Me polosgata...kiyanne tharuna gatissiyoda...naaki sallikaarayata game gatissiyo genath denawada?... ehemada...?

    ReplyDelete
  2. Me polosgata...kiyanne tharuna gatissiyoda...naaki sallikaarayata game gatissiyo genath denawada?... ehemada...?

    ReplyDelete