ගල්ලෙනේ මුව අහුරා
පැකිලුන ගල්සිතට අගුලුදා
නුහුරු නුපුරුදු හැඟීම් හකුලා
චකිත වත එබිකම් කලා
යව්වනය රකුසෙකුට බිලිදී
ආත්මය උගෙ අනසකට කැපවී
රැවුම් ගෙරවුම් උහුලනු නොහැකිවී
වෙන්වුනේ ලොව අවමන් නොසැලකියි
නොහැක මගෙ සිත මුදාලන්නට
බැහැ මගේ සිත පුබුදවන්නට
එන්නෙ නෑ නුඹෙ හදෙ ඇලෙන්නට
කෙසේවත් බැහැ නුඹලඟ වෙලෙන්නට
සිතූ අදිටන් දියවුනාදෝ
කුලෑටිය කොටියා ගිලීදෝ
අහිමි පෙමකට මුලාවීදෝ
එතෙර මෙතෙරක තනිවුනාදෝ
"මංගල සංකල්පනා"
No comments:
Post a Comment