තරු
බැබලෙන නිල් අහස
හිරු
දල්වන අන්ධකාරය
මා
ඇස් පියවි සැනින්
මුලු
ලොවම ජනිත
වෙයි
මා
ඇස් විවර කල සැනින්
මුලු
ලොවම වැනසෙයි
මා
හොඳ අවදියෙන්
විසිතුරු
සිහින නරඹමින්
තව්තිසා
ගිනි ගනී
දෙවියන්
අහසින් වැටෙයි
නිරයෙ
ගිනි සිසිලයි
යම
රජු රහත්වූ බවයි
මගෙ
සිහිය අනර්ගයි
එහෙත්
අනෙකුන් සැවොම
විකල්
සිහියෙන් දොඩවයි
නුඹ
පොරොන්දුවුනු ලෙසම
එනකල්
මග බලා සිටිමි
හනික
පෙරලා පැමින
හාදු
දී මා අවදි කරනතෙක්
හීන
බලමින් සිටිමි
මම
වියපත් උනෙමි
නුඹෙ
නමද මතක නැතිවුනි
අපේ
සුන්දර කවිය
මගෙම
මැවිල්ලක් පමනි
මා
ඇස් පියවි සැනින්
මුලු
ලොවම ජනිත
වෙයි
මා
ඇස් විවර කල සැනින්
මුලු
ලොවම වැනසෙයි
No comments:
Post a Comment