Sunday, 29 March 2015

අඹරාවේ කොල්ලො අපි






මං චන්දරේ

මම වියයුතුමයි ගැමුනු

සිලිබිරිසො උඹ

වෙයහන් එලාර

සිරිමල් සුරනිමල

නන්දනයා නන්දිමිත්ර

කොටා උඹ ගෝටඉම්බර

අනෙකුන්ට  හැකි සෙබලුන් වෙන්න

මවුබිම නැතිනම්

දියව් අපට මරනය

අරඹමු විජිතපුර සටන

පොල්පිති අසුපිට නැගෙන

 

කැන්ද කොල ඔටුනු පලදන්

ඉරි ඉරි සරම්

කැහැපොට ගහන්

වේ වැල් දුනු

බටලී

බෙලෙක් ටින් පියන්

පලිහ උහුලන්

රූස්ස ගහ උඩ මැස්ස

ඒකයි එලාරගෙ

රාජ මාලිගය

වටලමු නොදෙමු

පැන නොයන්නට

අඩෝ එලාර

වර තොගෙ අන්තිම සටනට

 

කොල්ලන් මදි උනත්

සේනා දෙකකට

ඇන කොටා ගත්තා උන්

පිල් අමතක කර

දුනු හී විසිකර

අතින් පයින් ගුටි බැට

පිරිමහගන්නේ

පරන කෝන්තර

ටාං ටාං ටාං ටාං

හුටා පන්සලේ ගන්ටාරය

මතක් කරනු පිනිසයි

දහවල් දානය

අල්ලමු එලාරව

අපි හෙට උදේට

යමන් ගෙදෙර

නැතිනම් අම්මගෙන්

ටොකු කෝටුව අපිට

 
"මංගල සංකල්පනා"

1 comment:

  1. Aaa, unkal, kawi karayek wela wage ne..:)

    ReplyDelete