බස්
නැවතුම් පොලේ හමුවුනු ජුකි කෙල්ල මමයි
සතියක්
දෙකක් පැනි හැලුවේ ඔහුම තමයි
හෙටම
අපි බඳිමු කිව්වෙත් ඌම තමයි
ඒ
ආදරෙ කෙලවර පැයකට ගත් කාමරයයි
සැමියා
නිතර දුර ගමනේ යෙදෙන්නේ
පාලුකමින්
මුලු දවසම ගෙවෙන්නේ
අන්සතු
සැමියෙකුගෙන් පාලුව මිදෙන්නේ
ගොම්මන්
වැටෙන්නත් පෙර ඔහු තම පවුලට යන්නේ
ක්ලියෝපැට්රාවෙ
නටනා රැජින මමයි
අලුයම
හතර වනතෙක් මා නුඹෙ පෙම්වතියයි
ඉතිරි
පැය දෙකේ යහනක හොර පෙම්බරී මමයි
ඇඳයට
හැලූ පාහනටත් හොරෙන් පිටවන්නේ නුඹලාමයි
ගැහැනු
කවුරුද වරදෙ නොබෑඳෙන දෙසන්නේ
ප්රජාපතීටත් අවසර
මුල්වර නොදුන්නේ
දෙවියනි
ඔබ මැවූ මේ ලොව පුදුමයිනේ
ගැහැනු
අපිට උරුමය අවනඩුවක්නේ
No comments:
Post a Comment