Thursday, 19 March 2015

අඹරාවේ ඇරැඹීම

හරමානිසෝ මේකද බං අඹරාව
ඩර්යිවර් අයියේ බොට මග වැරදුනාද
ඈ බන් සිරිමලෝ අපි ඉන්නේ හඳේද...
රිටර්න් වෙමුද අපි ආ ලොරි කට්ටෙම
මතක්වෙනව ඩීආරෝගේ අම්මවම
උන් ටයි කෝට් දමන් අපි එව්වේ අපායකට
ගිහින් කියමු උන්ටම පැලපදියන් වෙන්න
රජයෙන් නොමිලෙ දුන් මේ කරකටු ඉඩම්වල
මීට සැපයි මරදානෙම හිටියාම
අයි ආර් සී ලේබලයම තියාගෙන



ගෙදෙර ගියොත් අඹුව බනීවී නේද
මෙහෙ හිටියොත් අපිම නසීවී නේද
හරමානිසෝ අපි ඉවසමු සති දෙක තුනට
ඉඳල බලමු මුන් එන්නේ මොකාටද
අටවා ගත්ත වාඩිය අපෙ මාලිගය
නොල්මිලේ බෙදන ටින් කෑමයි රජ බොජුන
නැතත් ගැහැනු පුලුටක් මුලු කොලනියෙම
එහා ගමේ උන් රෙදි ගලවයි මස් ටින් එකට
පරන ගම්මු අඹරාවේ කොලනියට
සාප කලේ ඒ හන්දයි නහුතෙකට


ඩී එස් මැතිතුමාගෙ සංකල්පනාවට
පිහිටුනි එවන් ගම් හෙලිකල කලෑවල
ගොවියන් උනා සවිබල ඇති කට්ටියම
සරුවට වැවුනි වී එලවලු හේන්වල
හරමානිස් කැටුව ආවා තම පවුල
තමන් ඉදි කරපු කටුමැටි ගේ පිලට
දහ හැවිරිදි සිලිබිරිස් දුටු ඒ අඹරාව
රජරට පුනර්ජීවයෙ පුරගාමී ගම්මාන
කෙලි කොලූ දියබුං ගැසූ ඒ වැවු සාගරය
හවුලේ බුක්තිවින්දේ දිය කාවුන් සමග


"මංගල සංකල්පනා"

No comments:

Post a Comment