නුඹට
හැකිය පර සතු මල් නෙලන්නට
නුඹට
හැකිද ඒ පර සතු මල් රකින්නට
නුඹට
හැකිය මල් පොකුරෙම රොන් බොන්න
නුඹට
හැකිද මල්
පොකුරම රකින්නට
හැකිද
නුඹට පරවුනු මල් පුදන්නට
හැකිද
නුඹට පර මලකට පන දෙන්න
සලෙලුනි
ඇයිද මෙතරම් ගිජු මල් වලට
නොහැකි
කලට තම මලවත් විඳින්නට
No comments:
Post a Comment