තටු
කපා කූඩු කල
පෙමට
නොහෑක ඉගිලෙන්න
ඈ ඉගිල්ලී ගියේ
මන්දාරමට කලියෙන්ද
මන්දාරමට කලියෙන්ද
පෙරලා
ඉගිල්ලී
නැවත
ඈ එනතෙක්
වසව්
කූඩුවේ දොර
මා කොහේ ඉගිලෙම්ද
මගෙ
කිරිල්ලී වෙනකෙක් කැදන්
ආවොත්
අපෙ කූඩුවට
දියව්
මට වස බිඳක්
මිදී යන්නට සදහටම
No comments:
Post a Comment