දිනෙන්
දින කෙමෙන් කෙමෙන්
දලු
ලියන ලද ඇල්ම
හෙමින්
හෙමින් හොරෙන් හොරෙන්
පැලපදියම්
වූ ආදරය
කිටි
කිටියෙ ලොල් වෙමින්
ගිනි
ගැනුනු රාගය
වෙලි
වෙලී තුරුලුවී
කතාවුනු
ඉදිරිය
පෙනි
පෙනී වෙනස්වුනු
නුඹේ
හොර හැසිරීම
හනි
හනික ක්ෂනිකයෙන්
දෙදර
ගියෙ විශ්වාශය
රැස්කරනු
නොහැකි මට
කැබලි
වුනු හදවත
පැයෙන්
පැය අතහරිමි
මගේ
ඒ සිහිනය
No comments:
Post a Comment