Saturday, 28 February 2015

ගිනි පුපුර


දෑස නිලංකාරයි

දසුන අඳුරුවී යයි

හදවත කලු ගැහෙයි

සිත උමතු වී යයි

 

අකුනු ගිගුරුම් දෙයි

කොත්තු තොර තෝංචියයි

සවන රලු කීරි වෙයි

වචන ඊතල වෙයි

 

වියරුවෙන් දඟලයි

ගොඩනැගුම් වනසයි

ලැව් ගිනි පැතිර යයි

සිතුවිලි වචන අභිනය කරයි

 

මිතුරො සතුරන් වෙයි

ආදරය වෛරයක් වෙයි

සියල්ලට මුල...

අර මූල සිතිවිල්ලයි

අත් හැරීම


දිනෙන් දින කෙමෙන් කෙමෙන්

දලු ලියන ලද ඇල්ම

 

හෙමින් හෙමින් හොරෙන් හොරෙන්

පැලපදියම් වූ ආදරය

 

කිටි කිටියෙ ලොල් වෙමින්

ගිනි ගැනුනු රාගය

 

වෙලි වෙලී තුරුලුවී

කතාවුනු ඉදිරිය

 

පෙනි පෙනී වෙනස්වුනු

නුඹේ හොර හැසිරීම

 

හනි හනික ක්ෂනිකයෙන්

දෙදර ගියෙ විශ්වාශය

 

රැස්කරනු නොහැකි මට

කැබලි වුනු හදවත

 

පැයෙන් පැය අතහරිමි

මගේ සිහිනය

මල් හාමියේ....


නුඹට හැකිය පර සතු මල් නෙලන්නට
නුඹට හැකිද පර සතු මල් රකින්නට
 
නුඹට හැකිය මල් පොකුරෙම රොන් බොන්න
නුඹට හැකිද  මල් පොකුරම රකින්නට
 
 
හැකිද නුඹට පරවුනු මල් පුදන්නට
හැකිද නුඹට පර මලකට පන දෙන්න
 
සලෙලුනි ඇයිද මෙතරම් ගිජු මල් වලට
නොහැකි කලට තම මලවත් විඳින්නට

වල්....මල්


වල් පැලේ

මා සිතේ

යුහු යුහුව

ලියලයි.

 

කමනීය කුසුමය

මා හදේ

හෙමින් හෙමින්

පුබුදී..

 

මගෙ සිහි මද වෙයිද

දුබලසිත ජය ගයිද

බිඳුනු හද පන යයිද

මා හනික චුතවෙයිද....

 

හිරය​


තටු කපා කූඩු කල

පෙමට නොහෑක ඉගිලෙන්න

 ඈ ඉගිල්ලී ගියේ
මන්දාරමට කලියෙන්ද


පෙරලා ඉගිල්ලී

නැවත එනතෙක්

වසව් කූඩුවේ දොර

 මා කොහේ ඉගිලෙම්ද

 

මගෙ කිරිල්ලී වෙනකෙක් කැදන්

ආවොත් අපෙ කූඩුවට

 දියව් මට වස බිඳක්
මිදී යන්නට සදහටම

බාඳුරා හොඳා


දෙනෝ දහක් ආස කරන
උන් නෙලන්න පොරකන
පිවිතුරු පිච්ච මල්
උන්ම නෙලා ගත්දෙන්.
 
කවුරුවත් අගය නොකරන
බිඞුන් දිවිනසනු පොලඹන
කැලේක බිහිඋන බාඳුරා මල
මට නම් හරි අගෙයි
 
ඉතිරි පන යනතෙක්
සදාතනිකව මගේ වෙනුනම්
අනුන් ඩැහැ නොගන්නේ නම්
එමල පතුලේ ගිලී නැහුනත් සැපයි මාහට

ප්‍රහේලිකාව



මඩේ පිපුන මල්

මඩේම මැලවිලා යන්න ඉඩ දීල

ගොඩ ඉඳන් බලා ඉන්නවද...

 
නැතිනම්......

 
අවදානම නොතකා

මඩ වතුරට පැනල

මඩ නාගෙන

මල නෙලනවද?

 
ඊට පස්සෙ?.....