Friday, 1 May 2015

අම්බපාලියක හඬ




පිච්ච මල් යහන් ගැබ අහිමි බව දනිමි මම
තවත් එක් අම්බපාලියක් වෙමි නුඹේ ළඟ
නිල් පාට මොණර කොළ පා කළත් මුළු ගතට...
සිතින් මං පෙම් කළා එක් මොහොතකදී නුඹට

අඩ අඳුරේ මත් වෙලා බිත්ති හතරක කුටියේ
මගේ පාමුළ ඉඳන් ඇයි කිව්වේ දුක නුඹගේ
ගත සිතම උණුවෙලා වැගිරෙනා ඒ මොහොතේ
ආදරෙයි මට කිව්ව ප්‍රථම පෙම්වතා නුඹ වේ
අහම්බෙන් මුණගැසුණි දිනක් නගරයේදී නුඹව
පිරිවරා සිටියේ නුඹ ආඩම්බරෙන් පවුල
පිළිකුලෙන් මෙන් බැලුවේ ඉවත ලු කෙළ පිඩක් ලෙස
දෙවුරම හකුළුවා නුඹ ගියේ මට අපහාස කර
ගසන කළ ගල් මුල්ද පවුකාරයට ලොව
මුල්ම ගල ගැසුවේ මට හිතට එකඟවමද නුඹ
පෙම් කලේ මා පමණි වැටහුණේ අදය මට
කවදාද පෙම් කෙරුවේ අම්බපාලියකට ළොව
____චලා ____
Chalani Ramya Perera

No comments:

Post a Comment