කවදාවත් නැති තරමට
අද
මට ඔබ ආසන්නය
නිදි
බර සුසුම් රොදක්
රහසක්
මා කනට කියයි
සියුමැලි
ඇංගිලි තුඩක්
මා
ඇසි පිය සෙමින් සිඹියි
ඉවකින්
මෙන් මට වැටහෙයි
ඔබ
මා සමග සිටියි
උනුසුම්
සුලඟක් සේ
පර
මල් සුවඳක් සේ
දැන්
මට තනියක් නැත
නොගැයූ
ගීයක තනුවක් වී
නොහෙලූ
කඳුලක් සිසිලක් වී
නොපැතූ
පැතුමක කලලක් වී
නොපෙනී
ඔබ මා සමග සිටී
සැහැල්ලුය
සිත
බරක්
නොමැත.
No comments:
Post a Comment