Friday, 22 May 2015

අවනඩුව









බස් නැවතුම් පොලේ හමුවුනු ජුකි කෙල්ල මමයි


සතියක් දෙකක් පැනි හැලුවේ ඔහුම තමයි


හෙටම අපි බඳිමු කිව්වෙත් ඌම තමයි


ආදරෙ කෙලවර


පැයකට ගත් කාමරයයි


 


සැමියා නිතර දුර ගමනේ යෙදෙන්නේ


පාලුකමින් මුලු දවසම ගෙවෙන්නේ


අන්සතු සැමියෙකුගෙන් පාලුව මිදෙන්නේ


ගොම්මන් වැටෙන්නත් පෙර


ඔහු තම පවුලට යන්නේ


 


ක්ලියෝපැට්රාවෙ නටනා රැජින මමයි


අලුයම හතර වනතෙක් මා නුඹෙ පෙම්වතියයි


ඉතිරි පැය දෙකේ යහනක හොර පෙම්බරී මමයි


සල්ලි නොදී


පැන යන්නෙත් නුඹලාම යි


 


ගැහැනු කවුරුද වරදෙ නොබෑඳෙන දෙසන්නේ


මෙහෙනි සසුනටත් අවසර පමාවුනේ


දෙවියනි ඔබ මැවූ මේ ලොව පුදුමයිනේ


ගැහැනු අපිට උරුමය


අවනඩුවක්නේ


 


"මංගල සංකල්පනා"

No comments:

Post a Comment