කාල වර්න වරල ලියේ
නාදලු තොල් පැහය ලියේ
සුදු මුතු පෙල දන්ත ලියේ
දෑස් නීල වර්න ලියේ
දම් පාටින් කජොල් ලියේ
රඹ පැහැයෙන් සැරසි ලියේ
රෝස පද්ම හිසෙහි ලියේ
ලා දලු තණ නිල්ලෙ ලියේ
කලුවන් කලු රුදුරු ලියේ
රාගෙන් රතු පැහැති ලියේ
ධවල වර්ණ නිමල ලියේ
දුක්මුසු නිල් පැහැති ලියේ
දම් පාටට තැලුන ලියේ
රඹ පහයෙන් දිස්නෙ ලියේ
රෝස වතින් ලජ්ජ ලියේ
කුඩු කේඩු කමින් හරිත ලියේ
හුදකලාව නිසා ලියේ
මත්වූ ආදරෙන් ලියේ
ආලය අඳ නිසා ලියේ
යටගියාව නොතැක ලියේ
නුඹේ නියත පැහැය ලියේ
පැහදිලි නැතිවුනිද ලියේ
නුඹ හුනු ගා ගතිමි ලියේ
සරණට මගෙ.... දේදුනු අප්සරාවියේ
"මංගල සංකල්පනා"
No comments:
Post a Comment