අප්පච්චී
හදා දුන්න
රන්මිනි
ඔපකල තොටිල්ලෙ
අම්මා
තනිකර ගියාට
කිරට
හඬනවා වෙනුවට
හිනැහුනෙ
මං හිරුත් සමග
කුඩම්ම
කෙනෙකුත් ආ කල
හෝඩි
පන්තියේ මුලසිට
හිරවුනෙ
පාසැල් බෝඩිමකට
ගුරුවරුන්
ගෙ සැරවැර මැද
නොතැක
හිනාවූයේ මං
අනික්
පුංචි තරුත් එක්ක
කුලුදුල්
ප්රේමයෙ හිමිකරු
ගෙනත්
දුන්න හරි හඳහන
ගමේ
එකක් පටලවගෙන
ටක්කෙට
හරි කිව්ව නිසා
පෙම්
කල අඹ ගහ වෙනුවට
මා
දුන්නට කොහොඹ ගහට
බඹාකෙටූ
හැටියි සිතා
මං
හිනැහුනෙ සඳත් එක්ක
දෛවයෝගෙ
සරදමකින්
සහොයූරු
සෙනෙහස බිඳුනද
දේපල
මට අහිමිවුනද
දුටුමි
රිදී රේකාවක්
මේඝ
වලා පසුබිම්කර
ඇල්මක්
නැති විවාහයක්
යහනට
නැති හස්බන්ඩෙක්
සෙනෙහස
නැති දූ දරුවන්
කලගුන
නැති සමාජයක්
නොපෙනේ
මට කිසිදවසක්
මංම
මවාගත් විශ්වයෙ
හිනැහෙමි
මං හැමදාමත්