Saturday, 22 July 2017


ටොම්

--------

සීත මීදුම් සලු පොරවාගෙන

ඇදෙන රුව කවුරුදෝ

 

ගොම්මන් අඳුරේ ලා සඳ එලියේ

පෙනී නොපෙනෙන කවුරුදෝ

 

පහන් එලියෙන් දිලෙන දෙනුවන්

ඉඟි කරන්නේ කාටදෝ

 

දුහුල් සේද සලු රන තිසරු විනිවිද

ඇරයුම් යවන්නේ කාටදෝ

 

රතැඟිලි තුඩින් මිනි මෙවුල ගිලිහී

සිහිනෙන් වෙලෙන්නේ කා එක්කදෝ

 

හේනෙ මැසි දොර කවුලු අතරින්

එවමි සුසුමක. අහිමි උනුසුම පාලුවේ

 
"මංගල සංකල්පනා"

No comments:

Post a Comment