Saturday, 22 July 2017


අන්තරය

------------

සිහිනයකි

අවදි නොවුනු

අමාවක රැයක

 

අන්දයෙකි මා

නොගැලපෙන නොතේරෙන

අසම්භාවී අන්තරයට

 

විනිසුරුවන් වුනේ උන්

බොහීමියානුවෙකු නොහඳුනන

චිරාගත කුහක සමාජයක

 
"මංගල සංකල්පනා"

නිශ්පල

--------

මව් බිම නැතිනම් මරනය

පැතුවේ මුර ගා උන් සැම

දිවි පිදුවා උන් අනුවණ

බියගුලු නායකයන් වෙනුවෙන

 

ජාතියෙ නිදහස අටියෙන

චිරන්තන නිජබිමක් වෙනුවෙන

උතුරු කුණාටුවෙ සෙබලුන් වැලලුනෙ

විසර ගිය එවුන්ගෙ වෛරෙට උසියට

 

උතුරෙ රජ රටේ දකුනේ

අලුවුනු එඩිතර රන විරුවන්

එදා නැසුනෙ අපි රට වෙනුවෙන්

වාසි ගනී පොරකන පාලකයන්

 

'මංගල සංකල්පනා'

ගල් අඟුරු

යට ගිනි අඟුරු

පාවෙන හුමාලය

යට බුබුලන ගිනි වතුර

ව්යාජ සෙනෙහෙසක
යට හිතක සැක

ව්යාජ

------

හ්ම්ම්ම් කීවට හිත දුර ඈතක

ඔව් කීවට හිස වැනුනෙ එදිරි ඉරියව්වක

හා කීවට  දිව අසම්මතයක
ආදරෙයි කීවට හද වෙන තැනක

භෙලු වැලි සෙවනැලි

----------------------

උදාවෙන හිරුකිරන

 සිපගනී මා ගත

 තනමින් සෙවනැල්ල

සිනිඳු වැලි වෙරලක

 දැහැන් ගතවුනෙමි සෙවනැල්ලෙම

 

වෙරලෙ දුටු මගෙ සිඟිති පා සලකුනු

 සිහිවේ මවිතයෙන් බලා හිටි හැටි

 පෙමෙන් සෙමෙන් සක්මන් කල පා යුවල්

 සුදුපෙන රැලි මකා ගිය හැටි

 

ඉර මුදුන් වේ

 විඩාවයි ගතට

 ගිලගනී මහලු පා

 නොදැනිම කෙටිවුනු චායාව

 
"මංගල සංකල්පනා"

මිදුනෙමි

-----------

දුවන වරිගෙ අනික් උන් එක්ක

තරඟෙට දුවන්න බැරිවුනු නිසා මට

දෑවුරුද්දක් ගෙයින් ගෙට ගිය මම

දැන් තවත් අලුත් නිවහනක

 

මගේ කෙටි ජීවිතයෙ

පොදි ලිහන්නට අවසරද මට

නොහැකිවූවද වචනගත කරන්නට

නොපෙනේද මගෙ සිතුවිලි තුතිවන්ත ඇස්වල

 
"මංගල සංකල්පනා"

දීගය

------

කුරිරු සරදමක්

 විසිතුරු කූට උපායක්

 යව්වනය දමනයට හබකයක්

 නොනිමෙන කුනාටුවක්

 කෙළවරදි ජීවිත සුන් බුන් ගොඩක්
"මංගල සංකල්පනා"