භෙලු
වැලි සෙවනැලි
----------------------
උදාවෙන
හිරුකිරන
සිපගනී මා ගත
තනමින් සෙවනැල්ල
සිනිඳු
වැලි වෙරලක
දැහැන් ගතවුනෙමි සෙවනැල්ලෙම
වෙරලෙ
දුටු මගෙ සිඟිති පා සලකුනු
සිහිවේ මවිතයෙන් බලා හිටි හැටි
පෙමෙන් සෙමෙන් සක්මන් කල පා යුවල්
සුදුපෙන රැලි මකා ගිය හැටි
ඉර
මුදුන් වේ
විඩාවයි ගතට
ගිලගනී මහලු පා
නොදැනිම කෙටිවුනු චායාව
No comments:
Post a Comment