Thursday, 19 March 2015

මං අඹරාවෙන්

කොටි උරුමකන් කී කලින්
රජ රටට උතුරින්
මහ මූකලානේ අද්දරින්...
කන්දෙ පන්සල පාමුලින්
වැව් කන්ඩිය වටලමින්
අපි අඹරාවෙ කොලනියෙන්



තුන්සිය හැටපහෙම නොහුලන ග්රීස්මය
ඉල ඇට ඇදුන මීහරක් රැල
කෙටුවා ගල්වුනු පොලොව අප්පච්චී
අම්මා වතුර කල ඇද්දා ගිනිඅව් නොතකා
දියේ කෙලින කෙලිලොල් කොලු ගැට රෑන
නෙතගින් බලන දියරෙදි ඇඳි පැටික්කියෝ


වැව් ලිහිනියො ඉගුලුනි මන්දාරමට කලින්
ගෝනු මුවෝ අලි කැලයට මුවාවුනී
ගිනිඅවි අරන් ගම වැටලූ කොටිකොල්ලන්
බියවූ ගම්මු නිදිමරුවේ අලි කොටි සමගින්
සාමය ලැබුනෙ තිස් වසරක යුද්දයකින්
අඹරාවේ වැව යලිදිලිසෙයි හඳපානින්


"මංගල සංකල්පනා"

No comments:

Post a Comment