Friday, 1 May 2015

අභිනිශ්ක්රමනය.....(නන්දගෙ අභිනිශ්ක්රමනය)






තෙමහල් මැදුරක


උඩම මහලේ සැදූ


මහත් අභිමාන්යයෙන් ප්රදර්ශනකල


නුඹෙ සුපිරි පොත් ගුලේ


තම දරු පැටව්මෙන් නුඹ රැකගත්


දශක ගනනක් රැස් කල


නන්ද උඹෙ පොත් සම්භාරය


වෙසක් දන්සැලක ලෙස


ඇයි දන් දෙන්නෙ අද  නුඹ


 


බං නන්ද


උඹ සිරිසඟබෝද


ගිනි මැලයට පැනූ


බෝසත් හාවාද


 


වරක් තරුන වියෙදිම


අභිනිශ්ක්රමන කලා නේද උඹ


හිටි අරමෙ ලිඳ ලඟ


සුදු එලිසගෙ දිය රෙද්ද දුටු විගසම


බිඳුනා නේද තොගෙ දැහැන


එදා සිට දශක තුනකම


වදාරන ගමන් අපිට වැදිබන


චීත්ත රෙදි ලුහු බැඳ


ගියේ නුඹමයි රෑ දිවාකර


 


තාත්තගෙ මුලු බූදලය


සොහොයුරියන්ට දන් දී


ගේ දොර වාහන


බිරිඳටම දන් දී


නොමසුරු දෑවැදිත්


දුවලටත් දන් දී


නුඹෙ පොත්ගුලේ පොත්


මිතු කැලට දන් දී


තෝ අර අඳින්නේ


දෙවෙනි අභිනිශ්ක්රමනයටද


 


එහෙනම් නන්ද


උඹ සිද්ධාර්තද


 


බැහැ..බැහැ මට නොහැක


ලෙන්ගතු චන්න ලෙස​


තොගෙ පැජරෝව එලවන්න


මහවැලි ගංගෙන් එගොඩට


උඹට විතරක් තනියෙම


පසේබුදු කෙනෙක් වෙන්නට


 
"මංගල සංකල්පනා"

No comments:

Post a Comment